Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2018 09:12:47 Hours

ලෝක ශුරතා වෙඩිතැබිමේ තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දස්කම් දක්වයි

ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතා තරඟාවලිය - 2018 (IMSSU World Championship - 2018) සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙඩික්කරුවන් ඇතුලු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, රටවල් 14 ක තරඟකරුවන් 200 කට වැඩි පිරිසක් සමඟින් තරඟවැදි රන්, රිදී සහ ලෝකඩ පදක්කම් 08 හිමි කරගැනීමට සමත් විය.

එමෙන්ම, Small Bore Rifle තරඟ ඉසව්වෙන් දෙවන ස්ථානය ද යුද්ධ හමුදා වෙඩික්කරුවන් හිමිකර ගන්නා ලදි.

එහිදි, යුද්ධ හමුදාවේ කපිතන් පි.කේ.ජේ.එස් ගයංග විසින් Small Bore Silhouette Rifle Individual (රන් පදක්කම), Air Rifle Individual (රිදී පදක්කම), Air Pistol Individual (රිදී පදක්කම), Small Bore Rifle Team (රිදී පදක්කම), and Small Bore Rifle Aggregate Individual (ලෝකඩ පදක්කම) යන ඉසව් තුලින් රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගනිමින් ලෝකයේ පළමු තැනට පත්විමට හැකිවිය.

මීට අමතරව, Small Bore Rifle ඉසව්වෙන් තරඟ වැඳි රිදී පදක්කමක් දීනා ගැනීමට මේජර් සී.එස්. රත්නායක සමත්විය.

එසේම, බලලත් නිලධාරි II කේ.බි රත්වත්ත විසින් ද Small Bore Rifle ඉසව්වෙන් රිදී පදක්කමක් දීනා ගන්නා ලදි.

මේජර් සී.එස්. රත්නායක, කපිතන් පී.කේ.ජේ.එස් ගයංග, බලලත් නිලධාරී II කේ.බී රත්වත්ත, බලලත් නිලධාරී II ටී.බී.එන් ජයරත්න, කෝප්‍රල් එච්.පී.ජේ පුෂ්ප කුමාර, කෝප්‍රල් ආර්.ආර් බන්නැහැක, කෝප්‍රල් කේ.පි ගුණවර්ධන සහ කෝප්‍රල් ඩබ්ලිව්.එම්.එස්.කේ වික්‍රමසිංහ යන අය නිලධාරීන් සහ යුද්ධ හමුදා වෙඩික්කරුවන් මෙම ජයග්‍රාහි කණ්ඩායමට ඇතුලත් විය. Nike air jordan Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth