17th August 2018 11:02:01 Hours
‘ගීතය තුළින් ඇය දකිමු’ යන තේමාව ඔස්සේ යුද්ධ හමුදා මුලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද තවත් දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (15) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
කාන්තාවකගේ ජීවිතය උපතේ සිට මරණය දක්වා කාලය තුල අභියෝගයන් ජයගනිමින් සතුටින් ජීවිතය ගතකරන ආකාරය පිළිබඳව දැනුවත් කළ මෙම වැඩසටහන සඳහා නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 271 ක් සහභාගි වූහ.
ශ්‍රී ලංකා පාබල හමුදා සංගීත කණ්ඩායමේ සහයෝගය ඇතිව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කේ.ජී.ජී. රෝෂනි ද සිල්වා මහත්මිය සහ ආර්.එම්.ඒ නිමල්සිරි මහතා විසින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේ දේශණ පැවැත්විය. Best Sneakers | Nike