Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2018 10:52:01 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව් කුමාරප්පේරුම බදාදා (15) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදි.

තුනුක්කායි, අලන්කුලම් හි පිහිටි 65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකුලව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගත් අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කිරීම සහ භට පිරිස් ඇමතීම සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. latest Nike release | jordan Release Dates