17th August 2018 12:52:07 Hours
යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් මේ වනවිට උතුරු පළාතේ අඩු ආදාම්ලාභි පවුල් සඳහා විකල්ප ආදායම් මාර්ගයක් ලෙස ඔවුන්ගේ ගෙවතුවල පොල් වගාකිරීම සඳහා පොල්පැළ බෙදාදීම සිදුකර ඇති අතර, බදාදා (15) දින සින්නතම්පිනේ ප්‍රජා ශාලාවේ දී පොල් වගාව සඳහා උනන්දුවක් දක්වන අයවළුන් හඳුනාගෙන ඔවුන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකය විසින් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහනේදී 61 වන සේනාංක බලප්‍රදේශයේ පදිංචි හදුනාගත් නව පොල්වගාකරුවන් 65 දෙනෙකු වෙත නොමිලේ පොල් පැළ, පොහොර සහ පොල් වගාකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බවට මෙහිදි පැවසීය.
පොල් වගා කිරීමේ මණ්ඩලයේ වන්නි සහ උතුරු ප්‍රාදේශීය කළමනාකරු සමඟින් අනෙකුත් නිලධාරීන් මෙම හඳුන්වාදීමේ ව්‍යාපෘතියට සක්‍රීයව දායකවී ගම්වාසීන්ට පොල් වගාකිරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබාදෙන බවට තවදුරටත් පැවසීය.
61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංක භට පිරිස් විසින් පොල් වගාකිරීමේ මණ්ඩලය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. Sports Shoes | Nike