17th August 2018 12:52:01 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන ගේ යෝජනාවකට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් බදාදා (15) දින සන්ධ්‍යාවේ පැය දෙකක කාලයක් පුරා ශාස්ත්‍රීය සංගීතමය වැඩසටහනක් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලදී.
යුද්ධ හමුදා පෙරදිග වාදක කණ්ඩායමේ සාමාජිකයින් ඉදිරිපත් කළ සන්සුන් හා හෘදයාංගම ගීත සඳහා සියලුදෙනාම ඉතා ඕනෑකමින් යුතුව රසවින්ද අතර, එහිදි 1970 දශකයේ ගීත ගායනා කරනු ලැබීය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහභාගි වූ අතර යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Asics footwear | balerínky