Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2018 11:00:07 Hours

මධ්‍යම භට පිරිස් මාසයක පරිගණක පාඨමාලාවක් සාර්ථකව හදාරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිගණක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මාසයක පරිගණක පාඨමාලාවක් ජූලි මස 1 සිට අගෝස්තු මස 15 වන දින දක්වා පවත්වනු ලැබීය. මෙම පාඨමාලාව ‘Future Step IT Solution’ පුද්ගලික සමාගම විසින් පවත්වන ලදි.

ඒ අනුව, මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 40 ක් සහභාගි වූ අතර ‘Future Step IT Solution’ පුද්ගලික සමාගමේ හිරෝෂ් ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙහි සහතික පත් ප්‍රදානෝත්සවය මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (පාලන) ලුතිතන් කර්නල් ජේ.එස්.යු. සතුරුසිංහ ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. bridge media | Nike Air Max