Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2018 20:08:54 Hours

තෙවන වරටත් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සංවිධානය කල වන්දනා චාරිකාව සාර්ථකව නිමාවේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරින්, කොමිෂන් නොළත් නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල් 33 ක සමාජිකයින් 150 කට අධික පිරිසක් වෙනුවෙන් අඛණ්ඩව 3 වන වරටත් අගෝස්තු මස 6 සිට 8 දින දක්වා වන්දනා චාරිකාවක් සංවිධානය කරනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු මෙම සුබසාධන ව්‍යාපෘතිය යටතේ එම පවුල්වල සාමාජිකයින් හට අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලේ, මඩු, මන්නාරම සහ වවුනියාව යන ප්‍රදේශයන්හි පූජනීය ස්ථාන වැදපුදා ගැනීමට අවස්ථාව හිමිවිය. තවද ඔවුන් සඳහා අවශ්‍ය ආහාරපාන ද සපයනු ලැබීය.

මෙම සංචාරය, අන්නෝන්‍ය සම්බන්ධතාව, සුහදත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කල අතර එහිදි, ලොතරැයි දිනුම් ඇදීමක්, සංගීත ප්‍රසංගයක් සහ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ද සහභාගි වූහ. එහිදි මෙම සංචාරය සඳහා සහභාගි වූ කුඩා ළමුන් වෙත ත්‍යාග ද ප්‍රදානය කල අතර පවුල්වල සාමාජිකයින් සඳහා ගීත ගායනය ඇතුළු විනෝදජනක ක්‍රියාකාරකම්වල යෙදීමට ද අවස්ථාව ලබාදුන්හ. තවද සෑම කුඩා ළමයෙක් සඳහාම සෙල්ලම් බඩු සහ ලිපිද්‍රව්‍ය ද ප්‍රදානය කළහ. trace affiliate link | Men's Sneakers