14th August 2018 21:05:53 Hours
චෙම්මලෛයි වෙරළ තීරයේ 83 වන ග්‍රාම නිලධාරි වසමේ ධීවර නිවාස කිහිපයක් පුරා වේගයෙන් පැතීර ගිය ගින්නක් පිළිබඳ සැලවු වහාම මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
යුද්ධ හමුදා සාමාජිකයින් පැමිණිමට පෙර ධීවර නිවාස 6 ක් පුරා ගින්න ව්‍යාප්ත වුවද, යුද්ධ හමුදා සාමාජිකයින් පැමිණ විනාඩි කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
හදිසි ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය පියවර ගනු ලැබීය. affiliate tracking url | Nike