Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2018 14:25:55 Hours

නුඳුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් වෘත්තීය පුහුණුව පිළිබඳ දැනුවත් කෙරේ

සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විසින් නුඳුරේදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාමයාමට නියමිත දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථාන හයක සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට වෘත්තීය පුහුණුව ලබාදීම මෙන්ම අනාගත පුහුණු සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුලදී පැවැත්විණි.

මෙම වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හිදි පසුගිය මාස දෙක තුල පවත්වනු ලැබු අතර යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක තුමන්ගේ උපදෙස් මත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වී.ඩි.එස්. පෙරේරා සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ විධායක නිලධාරි මේජර් යු.එල්.එන්.ඩි.කේ. ලියනගේ විසින් මෙම වැඩසටහන්හි දේශන පවත්වනු ලැබීය.

ඒ අනුව, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 356 ක්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 243 ක්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 301 ක්, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 112 ක්, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 152 ක් සහ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 298 ක් සහභාගි වූ අතර නුඳුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සුදුසු වෘත්තීය පුහුණුවක් සඳහා අයඳුම් කිරීමට මනා දැනුමක් මෙම වැඩමුළු මගින් ලබාගැනීමට හැකි විය. jordan release date | Nike Air Force 1 , Sneakers , Ietp STORE