Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2018 10:33:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් කිලිනොච්චි සහ යාපනයේ සංචාරයක

දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 85 සහ 86 හී පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 58 දෙනෙකු අගෝස්තු මස 8 සිට 10 දින දක්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේ දී ප්‍රථමයෙන්ම ඔවුන් කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරය කල අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි කෙඩෙට් නිලධාරින් එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන නියෝජනය කරමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් රවී පතිරවිතාණ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය සහ වගකීම් මෙන්ම පශ්චාත් යුද සමයේ හමුදාව ලබාදෙනු ලබන සහාය පිළිබඳ ඉදිරිපත් කිරීමක් මගින් ඔවුන් දැනුවත් කළහ. මෙහිදි පැවැති ප්‍රශ්න හා පිළිතුරු සැසීයේදී, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් චන්න වීරසුරිය විසින් 2009 වසරේදී මානුෂීය මෙහෙයුම සම්බන්ධ තොරතුරු පැහැදිලි කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් චන්න වීරසුරිය වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ. අනතුරුව, කෙඩෙට් නිලධාරින් අලිමංකඩ පිහිටි හසලක ගාමිණි කුලරතන්න රණවිරු ස්මාරකය නැරඹීම සඳහා පැමිණියහ.

මීට අමතරව, කෙඩෙට් නිලධාරින් අගෝස්තු මස 9 සහ 10 දිනයන්හි යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරය කළහ. එහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් සංචාරක කෙඩෙට් නිලධාරින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කාර්යභාර්ය සහ වගකීම, වත්මන් තත්ත්වය, සිවිල් ජනතාවගේ ජිවනෝපාය වැඩිදියුණු කිරීම සහ පශ්චාත් යුද ගැටුම් සමයේ යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයන් යනදී කරුණු පිළිබඳ මෙහිදි කෙඩෙට් නිලධාරින් දැනුවත් කළහ.

මෙහිදි, කෙඩෙට් නිලධාරින් යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබු නල්ලිනාකපුරම් නිවාස සංකීර්ණයේ සංචාරය කල අතර යාපනය අර්ධද්විපයේ පිහිටි යාපනය කොටුව, අරාලිතුඩුව, පොන්නාලෙයි පොකුණ සහ නගුලේෂ්වරම් කෝවිල ආදී ස්ථානයන්හි ද සංචාරය කළහ. jordan release date | Archives des Sneakers