Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2018 10:13:06 Hours

මධ්‍යම භට පිරිස් හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

මොණරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සුදුවතුර කන්දේ හදිසියේ ඇතිවූ ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 වන බලසේනාවට අයත් 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සහභාගි විය.

මීට අමතරව, හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සීලාවත්ත ප්‍රදේශයේ සෙනසුරාදා (11) දින හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සමත්විය.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු සහභාගි විය. Sports brands | Yeezy Boost 350 Trainers