Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2018 16:56:13 Hours

නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රෙජිමේන්තු මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනී

කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා වෙත හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ජුලි මස 11 දින පිරිනමනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් තිලක් ප්‍රේමතිලක විසින් ගැමුණු හේවා රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් තුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම උත්සවය ආරම්භයේ, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි වූ අතර, නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

හමුදා සම්ප්‍රදායානුකුල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවචාරය පිරිනැමීමෙන් අනතුරව පෙළපාලියේ අණදෙන නිලධාරි තුමන් විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීම සඳහා නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කැටුවයන ලදී.

මෙම උත්සවය අතරතුර සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැති අතර දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.

මේ වනවිට මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, මීන්නේරිය පාබල පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලබන අතර මීට පෙර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කලාඔය යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායක, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ සහ ආධුණිකයින් බඳවාගැනීම් අධ්‍යක්‍ෂ වැනි තනතුරු රැසක් හොඹවා ඇත.

එතුමන්, වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලය තුල අණදීම්, මාණ්ඩලික සහ උපදේශක වැනි තනතුරු රැසක් හොබවා ඇත. bridgemedia | シューズ