Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2018 15:32:36 Hours

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා බස්රථ 44 ක් සුදානම්

දුම්රිය සේවකයින්ගෙන් යම් පිරිසක් කිසියම් වෘත්තීය සමිති ගැටළු කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක නිරතව ඇති අතර එහෙයින් කොළඹ නගරයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මහත් අපහසුතාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහජනතාවට සහන සැලසීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත බදාදා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා බස්රථ 28 ක් යොදවනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කිසිදු මුදලක් අය නොකර මඟින් සහ පාසල් සිසුන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ගාල්ල, නුවර, හලාවත, කුරුණෑගල, නිට්ටඹුව, රඹුක්කන, මීරිගම, වේයන්ගොඩ, ගිරිවුල්ල, ගම්පහ, ගනේමුල්ල සහ පොල්ගහවෙල යන ප්‍රදේශ දක්වා බස්රථ යොදවනු ලදී.

මීට අමතරව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බ්‍රහස්පතින්දා (09) දින යෙදවීම සඳහා තවත් බස්රථ 44 ක් සුදානම් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසීය. jordan release date | Nike Air Force 1 , Sneakers , Ietp STORE