Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2018 12:51:27 Hours

කැබිල්ලෙවෙල දී භට පිරිස් ලේ පරිත්‍යාග වැඩසටහනක

කැබිල්ලෙවෙල ශ්‍රී සුධර්මෝදය මහා පිරිවනේ හිටපු විහාරාධිපති පූජ්‍ය කන්දෙගෙදර සුමනවංශාභීධාන ස්වාමින් වහන්සේගේ 14 වන ගුණානුස්මරණ උත්සවයට සමගාමීව ඉරිදා (05) දින පැවැති ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දී නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව ලේ පරිත්‍යාග කිරීම සඳහා දායක විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ගුණානුස්මරණ වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් අතර ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලේ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම ලේ පරිත්‍යාග වැඩසටහන සඳහා 6 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූ අතර ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.url clone | Sneakers