07th August 2018 11:51:27 Hours
හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංක මූලස්ථානය විසින් පවත්වනු ලැබු ගිණුම්කරණ පාඨමාලා අංක - 03 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදාන කිරීමේ උත්සවය සඳුදා (06) දින 53 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඒ. කොඩිප්පිලි සහභාගි වූ අතර තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.
53 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු පාඨමාලාව සාර්ථකව හැදෑරු අතර එහිදි, යුද්ධ හමුදා සාමාජිකයින්ට ගිණුම්කරණය පිළිබඳ මනා දැනුමක් ලබාගැනීමට ද හැකි විය. latest Nike release | Nike SB