Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2018 13:51:27 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ පොල්වගාව සඳහා භට පිරිස් වෙතින් නොමිලේ පොහොර

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනාව යටතේ වන 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, මීරිගම සිල්වර් මීල් සමාගමේ අනුග්‍රහය ඇතිව සිකුරාදා (03) දින පුනරීන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත පොල් පැළ සහ ඒ සඳහා අවශ්‍ය පොහොර තොගයක් බෙදාදෙන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක මූලිකත්වයෙන් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසල් පරිශ්‍රයේ දී ප්‍රාදේශීය පොල් සංවර්ධන මණ්ඩලයේ කළමනාකාරතුමන් වන විගු නාතන් මහතා,  එහි සහකාර කළමනාකාරතුමන් වන එස්. කරුණෙස් මහතා සහ මීරිගම සිල්වර් මිල් සමාගමේ අනුග්‍රාහක භවතුන් ඉදිරියේ එම ද්‍රව්‍ය බෙදාදෙනු ලැබීය.

එහිදි, ප්‍රාදේශීය පොල් සංවර්ධන මණ්ඩලයේ සහකාර කළමනාකාරතුමන් වන එස්. කරුණෙස් මහතා සහ එහි නිලධාරියෙකු වන එස්. සතියේන්ද්‍රරන් මහතා විසින් පොහොර භාවිතය සහ ජිවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආදායම් මාර්ගයක් ලෙස පොල් පැළ වගා කිරීම පිළිබඳ දේශනයක් ද පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන, සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් ද එක්ව සිටියහ. Nike shoes | Autres