06th August 2018 14:25:01 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ ආරාධනයෙන් ප්‍රවීණ දේශක ආචාර්ය අජිත් කොලොන්නේ විසින් අගෝස්තු මස 01 සහ 02 යන දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී නායකත්වය හා කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදි.
ක්ෂණික තීරණ ගැනීම, කළමනාකරණය සහ නායකත්ව කාර්යක්ෂමතාව මෙන්ම තීරණ ගැනීමේ දී ගැඹුරු විශ්ලේෂණයක් සඳහා උසස් දැනුමක් ලබාදීම මෙම වැඩමුළුවේ අරමුණ විය.
තවද, එහිදි ප්‍රවීණ දේශක සහ ප්‍රවීණ කථිකයෙක් වන ආචාර්ය අජිත් කොලොන්නේ විසින් අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් සහ අර්බුද කළමනාකරණ සංකල්පය පිළිබඳ අවධානය යොමු කරමින් තීරණ ගැනීමේ හා තොරතුරු විද්‍යාව (Decision and Information Science) යන ප්‍රවේශය ඔස්සේ තාර්කික තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කරන ලදි.
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා මෙම දේශනය පවත්වනු ලැබීය. best shoes | jordan Release Dates