Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2018 13:32:29 Hours

571 වන බලසේනාවේ භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ

කිසියම් ව්‍යසනයක් හෝ හදිසි අවස්ථාවකට ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ වැඩමුළුවක් 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571 වන බලසේනා භට පිරිස් වෙත බ්‍රහස්පතින්දා (02) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත දිනක් පුරා පැවති මෙම වැඩමුළුව සඳහා හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සහභාගි වූ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව ගංවතුර සහ නියඟය වැනි ආපදා අවස්ථාවලදි ගත යුතු පියවරයන් පිළිබඳ දැනුවත් කෙරිණි.

මෙම දේශනය කිලිනොච්චි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාකාර අධ්‍යක්ෂ එස්. එප්පරාජන් මහතා විසින් මෙහෙයවිය. short url link | Nike Air Max 270