Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2018 14:16:01 Hours

අච්චුවේලි, කෝපායි සහ චුලිපුරම් පෙරපාසල් ළමුන් පලාලී ගුවන් තොටුපලේ සංචාරයක

අච්චුවේලි JDCSI පෙරපාසලේ, කෝපායි දකුණු සරස්වති පෙරපාසලේ සහ චුලිපුරම් YMHA පෙරපාසලේ ගුරුවරුන් විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිකුරාදා (03) දින පෙරපාසල් සිසුන්ට පලාලි ගුවන් තොටුපල නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලැබීය.

තවද, යුද්ධ හමුදාව විසින් පෙර පාසල් තුනේම සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු 262 දෙනෙකු වෙත අවශ්‍ය ආහාරපාන සහ පහසුකම් ලබාදෙනු ලැබීය. Sports brands | adidas Yeezy Boost 700 , Ietp