06th August 2018 13:58:47 Hours
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (02) දින පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 600 කට වැඩි පිරිසක් සහභාගි වූහ.
මෙහිදි, ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ එය සමාජ, ආර්ථික හා සෞඛ්‍ය අංශ කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ දැනුවත් කරනු ලැබූ අතර, මෙම වැඩසටහන අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යාපන හා තොරතුරු නිලධාරී චාමර ප්‍රදීප් මහතා සහ අධ්‍යාපන හා තොරතුරු නිලධාරීණි ප්‍රියදර්ශනි රත්නායක විසින් මෙහෙයවිය.
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟපෙන්විම යටතේ පැවැත් වූ මෙම කාලීන වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස සහ 59 වන සේනාංකය නියෝජනය කරමින් නිලධාරීන් 25 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 580 ක් සහභාගි වූහ.
මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ. bridgemedia | Nike Air Force 1 , Sneakers , Ietp STORE