Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2018 13:52:41 Hours

61 වන සේනාංක ක්‍රීඩකයින්ට පැසිපන්දු තරඟාවලියේ ශුරතාවය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 612 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක පැසිපන්දු තරඟාවලිය ජුලි මස 31 දින සිට අගෝස්තු මස 3 දින දක්වා 61 වන සේනාංක පැසිපන්දු ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පත්ති තිලකරත්න ගේ පූර්ණ අධීක්‍ෂණයෙන් යුතුව සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලිය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය, 21 වන සේනාංකය, 54 වන සේනාංකය, 56 වන සේනාංකය, 61 වන සේනංකය, 62 වන සේනාංකය සහ උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස නියෝජනය කරමින් කණ්ඩායම් 7 ක් සහභාගි වූහ.

612 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.කේ. ජයවර්ධන විසින් සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (3) දින පැවති අතර අවසන් තරඟය සඳහා 61 වන සේනාංක කණ්ඩායම සහ 21 වන සේනාංක කණ්ඩායම තරඟ වැඳුණි. අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය සහභාගි විය.

අවසන් තරඟයේ දී කණ්ඩායම් දෙකම තියුණු ලෙස තරඟ වැදුණු අතර එහිදි 21 වන සේනාංක කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශුරතාවය හිමිකරගැනීමට 61 වන සේනාංක කණ්ඩායම සමත් විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය සහ බ්‍රිගේඩියර් තිලකරත්න විසින් අවසන් තරඟයේ ජයග්‍රහකින් හට කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.

මෙම තරඟාවලියේ දක්‍ෂතම පන්දු විදින්නාට හිමි සම්මානය හිමිකරගැනීමට 61 වන සේනාංකය නියෝජනය කරමින් ක්‍රීඩා කල 24 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එල්.පී.කේ. සිල්වා සමත් විය.

අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. Nike Sneakers Store | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival