Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2018 14:51:47 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මුලස්ථාන බලඇණියට නව දෙමහල් භට නිවාසයක්

කුරුණෑගල, වැහැර පිහිටා ඇති ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මුලස්ථාන බලඇණියේ රාජකාරි නියුතු හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න විසින් සිකුරාදා (03) දින විවෘත කරනු ලැබීය.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම කටයුතු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අරමුදල් වලින් යුද්ධ හමුදා මුලස්ථානයෙන් ලද ප්‍රතිපාදන මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයින්ගෙන් ලද අරමුදල්වලින් සිදුකරනු ලැබීය. මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි කරන කාලසීමාවේ දී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබු අතර වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන විසින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න වෙත ආරාධනා කරනු ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවැති මෙම නව ගොඩනැගිල්ල ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.බී. කොහොන ඇතුළු එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. Sport media | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!