06th August 2018 14:32:14 Hours
යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සයිබර් ආරක්‍ෂාව, සයිබර් අපරාධ සහ සමාජ මාධ්‍ය, ෆෙස්බුක් වැනි දෑ නිවැරදිව භාවිතා කරමින් යුද්ධ හමුදාව තුල විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිකුරාදා (03) දින 59 වන සේනාංකයේ දී පවත්වන ලදි.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මුලිකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.
සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත්විම තුළින් යුද්ධ හමුදාවේ දෛනික රාජකාරි සිදුකිරීමේදි රහස්‍යභාවය පවත්වාගෙනයාමට හැකිවේ.
මෙම වැඩමුළුවේ දේශන 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, කර්නල් එස්.පී.පී පක්‍ෂවීර විසින් පවත්වනු ලැබු අතර, ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 235 කට වැඩි පිරිසක් සහභාගි වූහ. Sports News | Men's Footwear