Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2018 18:48:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරමින් පවතින කරුවලගස්වැව නිරීක්‍ෂණ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (03) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයට අනුව මේ වනවිට නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් පවතින් ‘සිරිසර පිවිසුම’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පන්සල් ගොඩැල්ල ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරමින් පවතින කරුවලගස්වැව නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී ප්‍රතිසංස්කරණ කටයුුතුවල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජකයින් සමඟ ද එතුමන් සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය.

අක්කර අඩි 355 ක ජලධාරිතාවයකින් යුක්ත අක්කර 255 ක් පුරා පැතිරුණු මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය විසින් ඇස්තමේන්තු ගත මුදලින් රුපියල් මිලියන 70 ක් යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස්හි ශ්‍රමදායකත්වය දැක්වීම තුලින් ඉතිරි කරගැනීමට නියමිතය.

මහජනතාවට ප්‍රතිලාභ සලසමින් අඛණ්ඩව සිදුකරනු ලබන මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන්, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ‘සිරිසර පිවිසිම’ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නේරංජන් රාමනායක සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

මෙම වැව මගින් ප්‍රදේශයේ ගොවි පවුල් 160 ක ජල අවශ්‍යතාවය සපුරනවා මෙන්ම අක්කර 188 ක වගා භූමියකට ද ජලය සැපයනු ලබයි. මෙම වැවේ බැම්ම පළල මීටර 850 ක් සහ උස අඩි 12.5 ක් පමණ වේ. යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් වැව තුළින් පස් කට්ට 25,000 ක් ඉවත් කර වැවේ ජල ධාරිතාවය ඉහළ නැංවීමට අපේක්‍ෂා කරයි.

මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතියේ වැව් ප්‍රතිසංස්කරණ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රියන්ත දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරනු ලබයි.

මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් ඇස්තමේන්තු කල මුදල රුපියල් 24,366,000.00 ක් වූ අතර කෙසේ වෙතත් ව්‍යාපෘතිය අවසානයේ යුද්ධ හමුදාව විසින් රුපියල් මිලියන 70 ක් ඉතිරි කරගැනීමට අපේක්‍ෂා කරයි. spy offers | Nike for Men