Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 14:47:02 Hours

යාපනයේ භට පිරිස් හට ‘සටන් කලා’ පුහුණුවක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘සටන් කලාව’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය ජාත්‍යන්තර සටන් කලා විද්‍යාපීඨය සමඟ සහයෝගිතාවයෙන් ජූලි මස 25 සිට අගෝස්තු මස 01 දින දක්වා පවත්වනු ලැබීය.

මෙම පුහුණු වැඩමුළුව ජාත්‍යන්තර සටන් කලා විද්‍යාපීඨයේ අධ්‍යක්‍ෂ මෙන්ම ප්‍රධාන උපදේශක ප්‍රජලිත කුමාර මහතා මෙහෙයවනු ලැබු අතර වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් 55 ක් සහභාගි විය.

මෙම පුහුණු වැඩමුළුවේ සමාප්ති උත්සවය බදාදා (01) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය.

තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් සහභාගි වූහ. short url link | Nike - Shoes & Sportswear Clothing