Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 17:12:53 Hours

මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත පොල්පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක්

යුද්ධ හමුදාව විසින් දියත්කරනු ලබන දැවැන්ත ජාතිය ගොඩනැඟිමේ ව්‍යාපෘතිවලින් එකක් ලෙස උතුරු පලාතේ පොල් වගා කිරීමේ ‘හරිත රටක්’ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් බ්‍රහස්පතින්දා (02) දින මුලතිව් සිවිල් වැසියන් වෙත පොල් පැළ 5000 ක් බෙදාදෙන ලදි.

එම වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කරමින් මුලතිව්, කොම්ඹාවිල් පිහිටි 68 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පුතුක්කුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 14 ක පවුල් 147 ක් වෙත පොල් පැළ බෙදාදෙන ලදි.

ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම හා මෙම ප්‍රදේශය හරිත පරිසරයක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් අඩුආදායම්ලාභී පවුල් සඳහා ආදයම් මාර්ගයක් ද නිර්මාණය වේ.

මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, පුතුක්කුඩිඉරිප්පු ප්‍රදේශයේ සහ මුහුදුබඩපත්තු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.spy offers | Zapatillas de running Nike - Mujer