Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 17:27:07 Hours

මෑණික්ෆාම් ගොවිපලේ ප්‍රගතිය පිළිබඳ ඇගයුමට

වවුනියාව, මෑණික්ෆාම් ගොවිපලේ ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සහ කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඒ.කේ.ඒ.බී. ගුණරත්න බ්‍රහස්පතින්දා (26) දින එහි සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවට සපැමිණි මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෑණික්ෆාම් ගොවිපලේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, මෑණික්ෆාම් ගොවිපලේ අණදෙන නිලධාරිතුමන් විසින් ගොවිපලේ සිදුකරනු ලබන කාර්යභාර්ය පිළිබඳ ඔවුන් දැනුවත් කරන ලදී. අනතුරුව, මෑණික්ෆාම් ගොවිපලේ භට පිරිස් ඇමතු අතර මෙම සංචාරය සංකේතවත් කරමින් ගොවිපල පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චානක වේරගොඩ, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසු නිලයින් රැසක් ද සහභාගි වූහ. Best Nike Sneakers | Zapatillas de running Nike - Mujer