Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2018 14:44:02 Hours

57 වන සේනාංකයේ භට පිරිස් ලිංගාශ්‍රිත බෝවන රෝග පිළිබඳ දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකකයේ භට පිරිස් ‘ලිංගාශ්‍රිත රෝග, ලිංගිකව බෝවන රෝග (STDs), ලිංගික සනීපාරක්ෂාව සහ හැසිරීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චි දිස්ත්රික් රෝහලේ ලිංගාශ්‍රිත හා සමාජ රෝග පිළිබඳ වෛද්‍ය වෙනුරි ප්‍රනාන්දු මහත්මිය විසින් පවත්වනු ලැබීය.

57 වන සේනාංක මූලස්ථාන බහුකාර්ය ගොඩනැගිල්ලේ දී බදාදා (1) දින පැවැති මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි විය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට අනුව වෛද්‍ය වෙනුරි ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම දේශන පවත්වනු ලැබීය.

එමෙන්ම, මෙහිදි ‘එච්.අයි.වී ඒඩ්ස්’ පිළිබඳව ද දැනුවත් කරනු ලැබීය. best Running shoes | シューズ