Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2018 16:05:10 Hours

වඩ්ඩකච්චි පාසල් සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා දිරීගන්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (31) දින කිලිනොච්චි ප්‍රදේශයේ වඩ්ඩකච්චි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් සිසුන් 48 දෙනෙකු වෙත අධ්‍යාපන කටයුතු සඳහා දිරීදිමනා පිරිනමනු ලැබීය.

වඩ්ඩකච්චි ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නගාසිටුවීමේ අරමුණින් 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස කොළඹ පිහිටි කෙන්ට් ඉංජිනේරු පුද්ගලික සමාගමේ (Kent Engineers (Pvt) Ltd) අනුග්‍රාහකත්වය ඇතිව වඩ්ඩකච්චි රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 38 - වඩ්ඩකච්චි ග්‍රාම සේවා කොට්ඨාසයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මෙම උත්සවය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය. bridge media | Nike