30th July 2018 13:07:35 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසු නිලයින් වෙනුවෙන් විද්වතෙක් වන මවුලවි මොහොමඩ් එර්ෂාඩ් රාවි (Maulavi Mohamad Ersharad Rawahi) ගේ මෙහෙයවීමෙන් ‘ලෝක සාමය සඳහා ආගමේ බලපෑම’(Impact of Religion for World Peace) පිළිබඳ කාලින දේශනයක් සෙනසුරාදා (21) වන දින එම ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
එහිදි ඔහු විසින් විවිධ ආගමි අතර සමානකම් මෙන්ම ආගමික සිරිත් විරිත් සහ සමාජය තුල ඔවුන්ගේ බලපෑම පිළිබඳ අවබෝධ කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළහ. වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඩි.බි.සී ජයසිංහ සහ එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 680 කට වැඩි පිරිසක් මෙම දේශනය සඳහා සවන්දුන්හ.
එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මඟපෙන‍්වීම යටතේ පුහුණු දිනයට සමගාමීව බදාදා (25) දින ‘කාබනික ආහාර’ (Organic Food) පිළිබඳවත් ‘ගෝලීයකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය’ (Globalization & Sri Lankan Economy) පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් දේශන පවත්වන ලදි.
මහාචාර්ය බන්දුල ජයතිලක සහ ‘පරිසර හිතකාමී ස්වේච්ඡා’ (Eco-Friendly Volunteers) සංවිධානයේ කාන්තාවන් දෙපළක් විසින් එම දේශන මෙහෙය වූ අතර, 592 වන බලසේනාවේ බලසේනාධිපති සහ 54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සඳහා සවන්දුන්හ.
මේ අතරතුර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නුඳුරු අනාගතයේ දී විශ්‍රාමයෑමට නියමිත නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 291 ක් සඳහා ‘වෘත්තීය පුහුුණුවේ වැදගත්කම’ පිළිබඳ දේශනයක් බ්‍රහස්පතින්දා (26) දින පවත්වන ලදි.
කලාඔය, වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ශෂික පෙරේරා විසින් එම දේශනය මෙහෙය විය. trace affiliate link | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth