Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2018 10:07:35 Hours

සිවිල් වැසියන් 250 ක් සඳහා ජංගම වෛද්‍ය සායනයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ආරාධනයෙන් 66 වන සේනාංකයේ සහ 663 වන බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහ කිලිනොච්චි රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් සෙනසුරාදා (28) දින ජයපුරම් විද්‍යාලයේ දී සිවිල් වැසියන් සඳහා දන්ත වෛද්‍ය හා බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පවත්වන ලදි.

පාසල් සිසුන් සහ සිවිල් වැසියන් 250 කට වැඩි පිරිසක් මෙහිදි පරීක්ෂා කරමින් අවශ්‍ය ප්‍රතිකාර ද නිර්දේශ කරන ලදි. ඔවුන් වෙත අවශ්‍ය ඖෂධ සහ උපදේශන සේවාවන් ලබාදීම මෙන්ම රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සඳහා යොමු කිරීම ද මෙහිදි සිදු කෙරිණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආරාධනයකට අනුව වෛද්‍ය කුමාරවෙල්, වෛද්‍ය හැම්ලට්, වෛද්‍ය උපේඛා, වෛද්‍ය රුසිරු සහ වෛද්‍ය දමින්ද ඇතුලු වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් මෙම වෛද්‍ය සායනය මෙහෙයවනු ලැබීය. best Running shoes | Sneakers