01st August 2018 10:20:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරනු ලැබු ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳුදා (30) දින මෑනිංටවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විවාහක නිලධාරී නිවාස ටෙනිස් ක්‍රීඩාපිටියේදී පැවැති අතර එහි ශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත් විය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ජයග්‍රහකයින් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.
මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම සමඟ තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් ක්‍රීඩකයින් සමස්ත ශුරතාවය හිමිකරගත්හ.
මෙහිදි යුද්ධ හමුදා ටෙනිස් සමාජය නියෝජනය කරමින් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ටි. විතානගේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩි.එල් ප්‍රනාන්දු, විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.ජී.එස්.ඒ.කේ ගමගේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩි.ඒ.එස් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල බි.වී.ඩි සඳරුවන් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.ඒ.වී ජයසේන ද තරඟ වැදුණි.
යුද්ධ හමුදා ටෙනිස් කමිටුවේ සමාජිකයින් සහ ටෙනිස් ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලැබීය.
ජයග්‍රහකයින් පහතින් දැක්වේ;
විවෘත ඒකළ - ශුරතාවය
කෝප්‍රල් එම්.ඩි.එල් ප්‍රනාන්දු - විපාරෙ
විවෘත යුගල - අනුශුරතාවය
කෝප්‍රල් ඩබ්ලිව්.ජී.එස්.ඒ.කේ ගමගේ - විපාරෙ
ලාන්ස් කෝප්‍රල් ඩි.ඒ.එස් පුෂ්පකුමාර - විපාරෙ
වයස අවුරුදු 50 ට වැඩි ඒකළ - අනුශුරතාව
මේජර් ජෙනරාල් අරුණ ජයසේකර
වයස අවුරුදු 50 ට වැඩි යුගල - අනුශුරතාව
මේජර් ජෙනරාල් අරුණ ජයසේකර
ලුතිනන් කර්නල් ටී විතානගේ - ශ්‍රීලංවියාඉ Nike air jordan Sneakers | Nike Shoes, Sneakers & Accessories