Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2018 08:51:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා මුලස්ථාන නව ගොඩනැගිල්ලට මුල්ගල තැබේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආශිර්වාදයෙන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නව මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය දා සිදු කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ඒකකයන්හි සියලුම අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ඉදිරියේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.ඒ.ඒ. සී.පී වේරගොඩ විසින් ඉදිකිරිමට නියමිත නව ගොඩනැගිල්ලට මුල්ගල තබන ලදි.

ඇස්තමේන්තුවට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 15 ක් වැය වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුල්‍ය කළමණාකරන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර් පලිහක්කාර, භට කාර්ය සම්පාදන අණසක ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩි.එස්.එල් පෙරේරා, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එල්. විජේසුන්දර, සභා සාමාජිකයින් කිහිපදෙනෙකු, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. spy offers | Nike SB