Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2018 06:01:06 Hours

61 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ තිලකරත්න පසුගියදා රාජකාරි භාරගන්නා ලදි.

වවුනියාව පිහිටි 61 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූලව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ඉන්අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිළ ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගත් නව සේනාංකාධිපතිතුමා, භට පිරිස් ඇමතීම සහ මෙම අවස්ථාව සිහිවනු වස් පැළයක් රෝපනය කිරීම සිදු කෙරිණි. Nike Sneakers | Nike Off-White