Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2018 21:54:46 Hours

551 වන බලසේනාව වැඩසටහන් මාලාවක් සමඟින් සිය සංවත්සරය සමරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භට පිරිස් විසින් සිය 18 වන සංවත්සරය නිමිත්තෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ දිළිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තබන ලදි.  

නව නිවස ඉදිකිරීම සඳහා 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.පී.ඒ පෙරේරා විසින් මුල්ගල තබනු ලැබිය.

සේම, හමුදා සම්ප්‍රදායානුකූලව සංවත්සර වැසටහන ආරම්භ කරමින් 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් බලසේනාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, 18 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 20 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් එතුමන් වෙත සම්මාන පෙළපාලියක් ද පිරිනැමූහ. තවද බ්‍රහස්පතින්දා (19) දින වෙන්වෙන් වශයෙන් ආගමික වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරිණි. Nike air jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes