27th July 2018 08:55:09 Hours
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායාරක්ෂක සභාවේ ලේකම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පූර්ණ මඟපෙන්විම යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් ජුලි මස 18 සිට 25 දක්වා ගල්ඔය ජලාශය අසල පිහිටි උපෝෂතාගාරය අසල පැවති 71 වන ‘උපසම්පදා’ පුණ්‍ය මහෝත්සවය සාර්ථකව සිදුකිරීම සඳහා සහයෝගය දක්වන ලදි.
දිනකට 50 දෙනා බැගින් මෙම දින අට පුරාවට සාමනේරහිමිවරුන් 400 දෙනෙකු මෙහිදි උපසම්පදාව ලැබූ අතර, එහි සම්ප්‍රදායානුකූල ආගමික කටයුතු අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කෙරිණි. ඉතිහාසයේ අම්පාරේ දී පැවැත් වූ ප්‍රථම උපසම්පදා උත්සවය ද මෙය වේ.
යුද්ධ හමුදාධිපතිගේ සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විමෙන් 24 වන සේනාංකයේ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් එක්ව උපසම්පදාව සඳහා පැමිණෙන සියලුම භික්ෂූන් වහන්සේලාගේ සහ සාමනේර භික්ෂුන් වහන්සේලාගේ සැප පහසුව පිණිස බුද්ධංගල දහම් මධුර විහාරයේ සනීපාරක්ෂක පහසුකම්, වාහන නැවතුම්පොළ, අභයන්තර මාර්ගය සකස්කිරීම සඳහා විසිතුරු ගඩොල් ඇතිරීම ආදිය ද ඇතුලත්ව දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමට සහ ඉඟිනියාගල පිහිටි ශ්‍රී විද්‍යාරාජ පිරිවෙනේ ඉහළ මහලයේ කටයුතු සිදු කිරීමට සිය උපරිම දායකත්වය ලබාදෙන ලදි. මීට අමතරව, මෙම උපසම්පදා උත්සවය සඳහා භාවිතා කරන සියලුම විහාරස්ථාන, පාසල් සහ වෙනත් රජයේ ගොඩනැඟිලි පිරිසිදු කිරීමේ කටයුතු ද 24 වන සේනාංක යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් සිදු කරනු ලැබීය.
ජූලි මස 18 පැවති මෙම උපසම්පදා උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා පාර්ලිමේන්තු කථානායක ගරු. කරු ජයසූරිය මැතිතුමා, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු. විජේදාස රාජපක්ෂ මැතිතුමා, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු. දයා ගමගේ මැතිතුමා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු. අනෝමා ගමගේ මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු. රෝහිත බෝගොල්ලාගම මැතිතුමා, අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ද එක්ව සිටියහ.
උපසම්පදාව ලැබීමට සුදුසුකම් සපිරු දිවයිනේ සෑම ප්‍රදේශයකම සමනේර ශිෂ්‍ය හිමිවරුන් මෙහිදි උපසම්පදාව ලැබූහ. Best Nike Sneakers | Releases Nike Shoes