27th July 2018 08:43:18 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන සහ 653 වන බලසේනා භට පිරිස් විසින් ජුලි මස 21 වන දින ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන ලදි.
651 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් ජයපුරම් දකුණ කදිරාවන් පෙර පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කළ අතර, 653 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් විස්දම පෙර පාසල (Visdama Pre-School) සහ ඒ අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ සඳහා 50 වැඩි භට පිරිසක් සහභාගි වූහ.
එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ යෝජනාවකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ මඟපෙන්විම යටතේ තවත් ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. Sneakers Store | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes