Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2018 08:46:10 Hours

බැතුමතුන් සඳහා 12 වන සේනාංකයෙන් දන්සලක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස්, කතරගම වාර්ෂික ඇසළ මංගල්‍ය සඳහා සහභාගිවන බැතුමතුන් වෙනුවෙන් ජූලි මස 13 සිට 27 දක්වා දේවාල පරිශ්‍රයේ දී දන්සලක් පවත්වන ලදි.  

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ පුර්ණ අධික්ෂණය යටතේ එම සේනාංකයේ සහ 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භට පිරිස්, ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව අවශ්‍ය ශ්‍රමදායකත්වය හා වියළි සලාක ලබාදීමට කටයුතු කරන ලද අතර මෙම වැඩසටහන මඟින් බැතිමතුන් සියගණනක් වෙත ආහාරපාන ලබාදෙනු ලැබීය.