Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2018 18:58:50 Hours

යුද්ධ හමුදා භට පිරිස් දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදි කරයි

බෝගස්වැව ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් වන බී.ආර්.එන්.කේ. මැණිකේ සහ වයස අවුරුදු 12 ක් වන ඇයගේ ආදරණිය පුතණුවන්ට නව නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම සඳහා ‘ජයග්‍රහණය’ (සාර්ථකත්වය) සංවිධානයේ වෛද්‍ය අනුලා විජේසුන්දර ගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය රනිල් ප්‍රනාන්දු, මහාචාර්ය අෂ්වින් ප්‍රනාන්දු සහ ශාන්ති පෙරේරා මහත්මියගේ සහයෝගය ඇතිව රුපියල් 600,000/= ක මූල්‍යමය දායකත්වය ලබාදෙනු ලැබීය.

මෙම නිවස ඉදිකිරීම සඳහා මූලික පියවර වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් ගනු ලැබු අතර යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වානිතා ඒකකයේ සභාපතිණිය ද සිය සහයෝගය ලබාදෙනු ලැබීය. 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය ගේ උපදෙස් මත 563 වන බලසේනාවේ භට පිරිස් විසින් නව නිවස ඉදිකරනු ලැබීය.

නවතමයෙන් ඉදිකරනු ලැබු නිවස දිළිඳු පවුල වෙත භාරදීමේ උත්සවය වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය රනිල් ප්‍රනාන්දු, මහාචාර්ය අෂ්වින් ප්‍රනාන්දු සහ ශාන්ති පෙරේරා මහත්මියගේ සහභාගිත්වයෙන් ඉරිදා (22) දින පැවැත්විණි.

මෙම නිවස භාරදීමේ උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් රංජන් ප්‍රේමලාල්, 563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උපාලි ගුණසේකර, නිලධාරි සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

මීට අමතරව, වෛද්‍ය අනුලා විජේසුන්දර, මහාචාර්ය රනිල් ප්‍රනාන්දු, මහාචාර්ය අෂ්වින් ප්‍රනාන්දු සහ ශාන්ති පෙරේරා මහත්මිය විසින් වෛද්‍ය සායනයක් බෝගස්වැව ප්‍රාදේශීය රෝහලේ දී බෝ නොවන රෝග පිළිබඳ රෝගින් සියගණනක් පරීක්‍ෂාවට ලක් කරමින් පවත්නු ලැබීය. latest jordans | NIKE