Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2018 16:13:09 Hours

ශ්‍රී ලංකා කඹ ඇඳමේ සම්මේලනයේ සභාපති, ආසියානු කඹ ඇඳීමේ සම්මේලනයේ උප සභාපති ධූරයට

නේපාලයේ, කත්මන්ඩු නුවර දී ජූලි මස 14 සහ 15 දිනයන්හි ආසියානු කඹ ඇඳිමේ සම්මේලනයේ (ATWF) වාර්ෂික මහා සභා රැස්වීම පැවැති අතර එහිදි ආසියානු කඹ ඇඳිමේ සම්මේලනයේ නව උප සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කඹ ඇඳිමේ සම්මේලනයේ සභාපති කර්නල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ තේරි පත්විය.  

එහිදි සාමාජික රටවල් 52 ක් අතරින් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 21 ක් සුදුසුකම් ලබාගෙන තිබුණු අතර පැවැති නිලවරණයේ දී ආසියානු කඹ ඇඳමේ සම්මේලනයේ සභාපති තනතුර සඳහා ඉන්දියාවේ ගෞතම් තාවුල් මහතා (Mr Gautham Thavul) ද මහ ලේකම් ලෙස ඉන්දියාවේ මාධන් මොහාන් මහතා (Mr Madhan Mohan) ද භාණ්ඩාගාරික ලෙස නේපාලයේ තේශ්වරාජි ගෞතම් මහතා (Theshvaraji Gautham) ද තේරි පත්විය.

ආසියානු කඹ ඇඳිමේ සම්මේලනය වර්ෂ 1988 දී ජාත්‍යන්තර කඹ ඇදීමේ සම්මේලනයේ හී සාමාජිකත්වය ලබා ඇත. එදින සිට චිනය, දකුණු කොරියාව සහ ජපානය ආසියානු කලාපයේ ශුරයින් බවට පත්ව ඇත. Authentic Nike Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival