Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2018 16:28:20 Hours

යාපනය භට පිරිස් ‘පෞරුෂත්ව සංවර්ධනය’ පිළිබඳ දැනුවත් කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘රූප සහ ප්‍රතිරූපය’ යන තේමාව යටතේ සෑම අවස්ථාවකදීම පෞරුෂත්ව ලක්‍ෂණ පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුක් සිකුරාදා (20) දින දවස පුරා පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව මානව කුසලතා සංවර්ධන විශේෂඥයකු වන රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සහභාගි වූහ. Sportswear free shipping | Nike