Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2018 16:00:12 Hours

මධ්‍යම භට පිරිස් හදිසියේ ඇතිවූ ලැවු ගිනි කිහිපයක් මැඩපවත්වයි

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි පසුගිය දින කිහිපයතුල හදිසියේ ඇතිවු ලැවු ගිනි කිහිපයක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සමත්විය.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලපිටිය ප්‍රදේශයේ සෙනසුරාදා (21) දින හදිසියේ ඇතිවූ ගින්නක් පිළිබඳ සැළවු වහාම 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකුගෙන් සමත්විත කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

මීට අමතරව, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුහවර ප්‍රදේශයේ ඉරිදා (22) දින හදිසියේ ඇතිවු ගින්නක් පිළිබඳ සැළවු වහාම 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා කඩිනමින් පියවර ගනු ලැබීය.

එමෙන්ම, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරගල කන්දේ සඳුදා (23) දින හදිසියේ ඇතිවු ගින්නක් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මැඩපැවැත්වීමට සමත් විය. මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ ගිනි නිවීමේ මෙහෙයුම් දියත් කරනු ලැබීය. Sports brands | UK Trainer News & Releases