Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2018 15:59:51 Hours

බේරේවැව සහ අවට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ සහය

යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් රාජ්‍ය සහ පුද්ගලික ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව සෙනසුරාදා (21) දින කොළඹ 02 හි පිහිටි බේරේවැව සහ ඒ අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.  

‘මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්’ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බැහැර කරන කුණු කසළ විධිමත් අපහරණ ක්‍රියාවලියක් මගින් මේවනවිට කාබනික පොහොර ලෙස බෝග වගාව සඳහා යොදාගනී.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්තින්ට අනුව ගංගාරම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමින් වහන්සේ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමීප සම්බන්ධතාවයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබීය.  

14 වන සේනාංකය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් ‘නෝ කුණු’ ස්වේච්ඡා සංවිධානය මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය සහ පුද්ගලික අංශ ආයතන සමඟ එක්ව මෙම වැඩසටහන දියත් කරන ලදී. Best Authentic Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ