Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2018 16:00:24 Hours

කෝපායි සිවිල් වැසියන්ට පානීය ජල පහසුකම්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ කෝපායි ප්‍රදේශයේ ස්ථානගත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන  ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් යාපනය අර්ධද්වීපයේ පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.  

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මගින් නියඟයෙන් පීඩාවට පත්වන පවුල් 1102 ක සිවිල් වැසියන් 3620 කට අධික පිරිසකගේ පානීය ජල පහසුකම් සැලසේ. මාර්ගය දෙපස ප්ලාස්ටික් ටැංකි ස්ථානගත කර යුද්ධ හමුදා බවුසර් යොදාගනීමින් එම ප්‍රදේශයට ජලය සැපයීමේ මානුෂීය ව්‍යාපෘතිය 511 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සඳුදා (23) දින ආරම්භ කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක සේවාව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම යටතේ 511 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයෙන් යුතුව 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් දිනපතා සිදු කරනු ලබයි. Sportswear Design | Nike Dunk - Collection - Sb-roscoff