Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2018 13:52:58 Hours

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් තුමන් උණුසුම් අයුරින් පිළිගනී

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් භාතිය දවුලගල හට හමුදා සම්ප්‍රදායනුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සාලියපුර, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පිරිනමනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් විසින් ගජබා රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් තුමන්ව උණුණුම් අයුරින් පිළිගනු ලැබීය.

ප්‍රධාන දොරටුව අභීයස දී හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. අනතුරුව, නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් භාතිය දවුලගල ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවන්ගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ පිළිරුව අභියස මල් කළඹක් තබා පුෂ්පෝපහාර පුද කළහ.

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් භාතිය දවුලගල වෙත ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

මෙම උත්සවය අවසානයේ සමාජ ශාලාවේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහය සඳහා රෙජිමේන්තු කමිටු සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් මෙන්ම සෙසුනිලයින් රැසක් ද සහභාගි විය.

buy footwear | Air Jordan Release Dates 2020