25th July 2018 18:30:44 Hours
යුද්ධ හමුදාව තුල එයාර් ට්‍රැවල් සර්විසස් ආයතනය ස්ථාපනය කර මේ වනවිට වසර 7 කට අධික කාලයක් සම්පුර්ණ වන අතර එමගින් යුද්ධ හමුදා සාමාජිකයින් හට විදේශීය සංචාර සඳහා අවශ්‍ය සේවාවන් ලබාදීමට විශාල දායකත්වයක් සපයනු ලබයි.
මෙම ආයතනය වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන අතර වේගයෙන් සංවර්ධනය වන සංචාරක කර්මාන්තය සහ සංචාරක වෙළදාමේ ඕනෑම අභියෝගයකට හෝ සංකීර්ණතාවයන්ට මුහුණදීමට සෑමවිටම සුදානමින් සිටියි.
යුද්ධ හමුදා එයාර් ට්‍රැවල් සර්විසස් ආයතනය 2013 මාර්තු මස සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය.
යුද්ධ හමුදා එයාර් ට්‍රැවල් සර්විසස් ආයතනය විසින් සලසනු ලබන සේවාවන් පහත පරිදි වේ:
සුවපහසුකම් සහිතව ආකර්ශනීය විදේශ සංචාරයක් සඳහා අවම ගමන් ගාස්තු සහිත ඕනෑම රටක් සඳහා ගුවන් ටිකට්පත් වෙන් කිරීම
සහනදායි මිළගණන් යටතේ දඹදිව වන්දනා චාරිකා සහ විදේශීය නිවාඩු සංචාර
ලෝකය පුරා ඇති ඕනෑම හෝටලයක් වෙන් කරවාගැනීම
විසා සකස් කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම
විදේශීය සංචාර සඳහා රක්‍ෂණාවරන
සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට පහසු ගෙවීමේ පදනම මත විදේශීය සංචාර සඳහා රුපියල් 300,000/= ක් දක්වා ණය පහසුකම් ලබාදීම.
Nike footwear | FASHION NEWS