Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2018 09:53:45 Hours

වන්නි ප්‍රදේශයේ තවත් පෙර පාසලක් ඉදිකෙරේ

වන්නි ප්‍රදේශයේ පෞද්ගලික අංශයේ ධානපතීන්ගේ සම්බන්ධිකරණයෙන් 6 වන පෙර පාසල ඉදිකිරීමේ කටයුතු සිකුරාදා (20) දින මහකච්චිකොඩිය ප්‍රදේශයේ දී ආරම්භ කරන ලදි.

හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) 'පියවර' ව්‍යාපෘතිය යටතේ පෙරපාසල් ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලබන අතර මෙම පෙර පාසල ඉදිකිරිම සඳහා ‘ස්පිඩ්මාක්’ ප්‍රවාහන පුද්ලික සමාගමේ කළමණාකරන අධ්‍යක්‍ෂක සුනිල් මල්වාන මහතා විසින් මුල්‍යමය දායකත්වය දක්වනු ලැබීය.

මෙම පෙරපාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සුනිල් මලවාන මහතා සහ එම මැතිණිය සමගින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් සුභමොහොතින් මුල්ගල් තැබු අතර මෙම අවස්ථාව සඳහා හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාස්කෝරාල මහත්මිය ද එක්ව සිටියහ.

මෙම උත්සවය සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි. දෙමටම්පිටිය, 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජන් ප්‍රේමලාල් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

spy offers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov