Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2018 09:46:15 Hours

නව උසස්වීම් ලැබු සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනී

නව උසස්වීම් ලැබු 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හට හමුදා සම්ප්‍රදායනුකුලව කඳවුරු සම්මානමුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමමින් මූලතිව් පිහිටි 59 වන සේනාංක මූලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඒ අනුව නව උසස්වීම් ලැබු 59 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් වෙත, එම සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් කඳවුරු සම්මානමුරය සහ සම්මාන ආචාර පෙළපාලිය පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංකාධිපති තුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.

මෙම උත්සවය අවසානයේ පැවැති තේ පැන් සංග්‍රාහය සඳහා 591, 592 සහ 593 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි විය. Best Sneakers | Sneakers