Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2018 15:46:15 Hours

කන්නකි අම්මාන් කෝවිල් පූජාවට යුද්ධ හමුදාවේ සහය

සංහිඳියාව සහ ආගමික සහජිවනය ඇති කිරීමෙහිලා තවත් පියවරක් ලෙස 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න ගේ මූලිකත්වයෙන් යුතුව යුද්ධ හමුදා භට පිරිස් හා හින්දු බැතිමතුන් එක්ව ඕමන්ත ප්‍රදේශයේ දී ‘පත්තිනි පූජාව’ (කන්නකි අම්මාන්) ජූලි මස 10 සිට 16 දින දක්වා පවත්වනු ලැබීය.

මෙම විශේෂ පූජාව සඳහා අති විශාල හින්දු බැතිමතුන් ප්‍රමාණයකගේ අනුග්‍රහය හිමිවිය. බොහෝ හින්දු බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ පතිවෘත්තාවෙහි සංකේතය බඳු වූ දේවගනක් උදෙසා පවත්වන පූජාවක් ලෙස මෙම පූජාව සිදු කරනු ලබයි.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්. හනිෆ් මහතා, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විශේෂ ආරාධිතයින් ලෙස මෙම විශේෂ පූජාව සඳහා සහභාගි වූ අතර අති විශාල හින්දු බැතිමතුන් ප්‍රමාණයක් ද සහභාගි වූහ.Adidas footwear | jordan Release Dates