21st July 2018 19:53:45 Hours
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත ඩෙංගු රෝගය වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (18) දින පනාගොඩ, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂක සමන් පතිරණ මහතා , හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා, හෝමාගම සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුදේෂ් පරනයාපා මහතා, වෛද්‍ය සුභාෂිනි ආරියපේරුම මහත්මිය සහ පර්යේෂන කණ්ඩායමක් විසින් පවත්වන ලදී.
ඩෙංගු රෝගය වළක්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 35 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 155 ක් සහභාගි වූහ. bridge media | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth